ඕනෙම ගණිත ගැටළුවක් ඉක්මනින් විසදන්න [Mobile App]

ලෝකය දිනෙන් දින අලුත් වෙනවා. අලුත් කරන්න ගොඩක් අය මහන්සි වෙනවා. මේ app එක තමයි Photo Math මේක ගණිත ගැටළු ඉතාමත් ඉක්මනින් විසදන්න පුළුවන් app එකක්.මේකේ camara එක on කරලා ගාන පෙන්නුවම ගාන විසදලා දෙනවා.

මේ අලුත්ම app එක නිර්මාණය කරලා තියෙන්නේ මයික්‍රෝබ්ලින්ක් ආයතනය විසින්. දැනට එකතු කිරීම , අඩු කිරීම ,වැඩි කිරීම හා බෙදීම යන මූලික ගණිත කර්ම මේ තුලින් පහසුවෙන් කරගන්න පුලුවන් කියල තමයි ඔවුන් කියන්නේ. ඒ වගේම ඔවුන් පවසා සිටින්නේ ඉදිරියේදී අනෙකුත් ගණිත කර්ම වලටත් සහය ලබා දෙන ලෙස මෙය වැඩි දියුණු කරනවා කියල.



ගණිත ගැටලු විසදීම සදහා මෙම app එකට භාවිත කරලා තියෙන්නේ Optical Character Recognition කියන තාක්ෂණය.ඒ වගේම ගණිත ගැටලුව තමන්ගෙ ස්මාර්ට් දුරකතනයේ කැමරාව යොදා ගෙන Scan කලාම පිළිතුරු සහ පියවරෙන් පියවර ගැටලුව විසදන ආකාරයත් සදහන් කරනවා.



මේ වන විට iOS සහ Windows දුරකතන සදහා මෙම Apps එක නිකුත් කරලා තිබෙනවා.ඉක්මනින්ම Android Apps එකත් නිකුත් කරනවා කියල තමයි මයික්‍රෝබ්ලින්ක් ආයතනය සදහන් කරන්නේ.


(Android App is still not available | ඇන්ඩ්‍රොයිඩ් ඇප් තවම නිකුත් වී නැත, මෙම වර්ශයේ තව ටික දිනකින් එය නිකුත් කිරීමට එහි කාර්යමන්ඩලය සූදානම් වෙයි)
Previous
Next Post »