Mark Zuckerberg ගැන පොඩි විස්තරයක්

අන්තර්ජාල භාවිතයට අලුත් මුහුණුවරක් එකතු කර දුන් මුහුණු පොත Facebook භාවිත කිරීමට ඔබ අපි කවුරුත් හොදින් දනිති. එහෙත් මෙහි නිර්මාණය කරු කවුද? ඔහු ගැන තොරතුරු, මෙහි තිබෙන තාක්ෂණික වටපිටාව ගැන ඔබ නොදනන්වා ඇති. නොදැන භාවිත කිරීමට වඩා හරිහැටි තොරතුරු දැනගෙන භාවිතය වඩාත් අගනේය. අන්තර්ජාල තුළ Social Networking තාක්ෂණය වැඩි දියුණු කරමින් නිර්මාණ කරන ලද මෙය, ලෝකයේ තිබෙන දැවැන්ත වෙබ් අඩවියකි. මෙය නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ මාක් ෂකර්බර්ග් මහතා හටය.

ටයිම්ස් සඟරාව විසින් වසරේ පුද්ගලයා ලෙස මාක් ෂකර්බර්ග් නම් කරන විට ඔහුට දෙවැනි වූයේ ඔහු වැනිම ලෝකයට ඉමහත් බලපෑමක් කල හැකි කීර්තිධරයින් 25 දෙනෙකි. ඒ වන විටත් මාක් හාවඩ් විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ සිසුවෙකු විය. එකල Course Matchනමින් පරිගණක වැඩසටහනට පිවිස අන් සිසුන් සමග චැට් (Chat) කරමින් තමන්ට වඩාත් සුදුසු හා ගැලපෙන පාඩම්මාලාවන් තෝරා ගැනීමේ හැකියාව ලැබිණි. මෙහි සාර්ථකත්වය නිසා මෙයින් ටික කාලයකට පසු ඔහු විසින් Face Mash තවත් අපූරු වෙබ් අඩවියක් නිර්මානය කරන්නට යෙදුනි. එය ජායාරූප මගින් කෙරුනු තරගයක ස්වරූපයෙන් යුතු වුනු අතර එහි අරමුණ වූනේ හාවඩ් සරසවියේ හොදම පෙනුමක් ඇති කඩවසම් ම තරුණයා තේරීමයි. සිසුන් අතර ඉතාමත් ජනප්‍රියත්වයට පත්වුණු මෙය නූනත ෆේස්බුක් හි සූල බීජය ලෙස සැලකේ.

1984 දී උපන් මාක් ෂකර්බර්ග් අනි දක්ෂ පරිගණක විද්‍යාඥයෙකි. ලොව ප්‍රධාන පෙලේ මෘදුකාංග සංවර්ධකයෙකි. කුටා වයසේදී පටන්ම ගණිතය, තාරකා විද්‍යාව හා භෞතික විද්‍යාව වැනි විශයන්ට ඉමහත් දක්ෂතා දැකුවූ ෂකර්බර්ග් පුංචි කාලයේ සිට අද දක්වාම වර්ණ අන්ධතාවයෙන් පෙළෙන්නෙකි. නමුත් එය කිසිවෙකුටත් ඔහුගේ නොනවතින ගමනට අභියෝගයක් කර නොගත් ඔහු ජීවිතය සතුටින් හා සැහැල්ලුවෙන් විදිමින් සිටී. ෆේස්බුක් වෙබ් අඩවිය තුළ මුළු දවසම ගත කරන, එක ජීවිතේම කොටසක් බවට පත්වූ ඔබට කිසිවිටක සිතුනාද ෆේස්බුක් වෙබ් අඩවිය නිල් පාටින් හැඩ ගන්වා ඇත්තේ ඇයි කියා? ඒ මාක් ෂකර්බර්ග් පෙලෙන ජානගත වර්ණ අන්ධතාවය නිසාවෙන් ඔහුට කිසිදා රතු සහ කොල වර්ණයක් නොපෙනීම නිසායි. ඔහු ෆේස්බුක් වෙබ් අඩවිය සදහා නිල් වර්ණය තෝරාගන ඇත්තේ ඒ නිසාවෙනි.

Previous
Next Post »