සුලග සේ සෑහෑල්ලු Apple iPad Air

 
ටෑබ්ලට් පරිගනකයක් සම්බන්දයෙන් සෑබෑවින්ම ලෝකයට ජනප්‍රිය අදහසක් ලෑබුනේ Apple iPad සමගින් යෑයි පෑවසීම මුසාවක් නොවේ. කෙසේ වුවත් වෙනත් ටෑබ්ලට් නිශ්පාදන ජනප්‍රියත්වයට පත් වී නොතිබුනු යුගයක Apple iPad යනු සුබෝපබෝගී බාන්ඩයක් බවට පත්ව තුබූ අතර, අදටත් කොතෙක් අඩු මිල ටෑබ්ලට් පරිගනක වෙලදපොලේ තිබුනත් ඈපල්ලෝලීන් සෑමවිටම මිලාදික Apple සoස්කරනයන් වෙත ආකර්ශනය  වන බව දෑකිය හෑකි වේ.

මෙතෙක් අපට දක්නට ලෑබුනු iPad නිශ්පාදන කොතෙක් හුරුබුහුටි සහ සිහින් නිමාවකින් යුතු උපකරන වුවත්, ඈපල් සමාගමේ නවතම ජයග්‍රාහකය ලෙසින් පසුගිය මාසයේදී එලිදෑක්වුනු Apple iPad Air සමගින්, මෙම පෑරනි iPad සoස්කරන සියල්ලම රලු, විශාල උපකරන ලෙස ඔබට පෙනෙන්නට වුයේ නම් එහි පුදුමයක් නොමෑත. යන්තම් රාත්තලකට වඩා මදක් වෑඩි මෙම හුරුබුහුටි Apple iPad Air ටෑබ්ලට් උපකරනයේ තිර ප්‍රමානය අගල් 9.7ක් වේ. එය සම්මත ටෑබ්ලට් තිර ප්‍රමානයන්ට එහා ගිය අසාමාන්ය බවක් ගන්නා බව පෙනේ. එසේම මෙය අලෙවි වන මුලික මිල ඩොලර් 499 ($499) සීමාවේම පවතී. 

මෙහි ප්‍රදාන විශේශත්වය වන්නේ සෑහෑල්ලු හුරුබුහුටි නිමාව පමනක් නොවේ. වඩාත් ප්‍රබලත්වයක් Apple iPad Air හි ස්තාපනය කිරීමේදීද නිර්මාපකයින් සමත්ව සිටිනා බව දෑකිය හෑකි වේ.

නව Apple iPad Air උපකරණය iOS 7.0.4 මෙහෙයුම් පද්ධතිය මගින් ධාවනය වන අතර, එහි iPhone 5s හි මෙන්ම A7 චිප්සෙට් එකක් සහිත ප්‍රොසෙසරයකින්ද අඩoගු වේ. මෙම ප්‍රොසෙසරය Dual-core 1.3GHz Cyclone එකක් වන අතර, PowerVR G6430 ග්‍රෑෆික් ප්‍රොසෙසරයකින්ද සමන්විත වේ. එසේම මෙහි 1GB DDR3 රෑම් මතකයක් අඩoගු වන අතර, 165GB / 32GB / 64GB / 128GB යන මතක ධාරිතා සoස්කරනයෙන්ගෙන් පෑමිනේ.

ඔබට Apple iPad Air සමගින් නැනෝ සිම්පතක් බාවිතා කිරීමට සිදුවනු ඇත. මෙහි Wi-Fi අන්ටෙනා දෙකක් පිහිටා ඇති අතර, වැඩි වේගවත් Wi-Fi සබදතාවක් සහතික කෙරේ. එසේම LTE සබදතාවය සදහා පහසුකම්ද Apple iPad Air සමගින් ඔබට ලෑබෙනු ඇත.

මෙහි බැට්‍රියේ ප්‍රමාණය 24' ක පමන අඩුවීමක් දක්නට ලෑබුනත්, ඇපල් සමාගම පවසා සිටින්නේ බැට්‍රිය ආයුකාලයේ වෙනසක් නොමැති බවයි. ඔබ Wi-Fi සම්බන්දතවය සමගින් අන්තර්ජාලයේ සැරිසැරුවත් පැය 10ක් පමණ නොනවත්වා වැඩකල හැකි බැට්‍රි බලයක් මෙහි ඇති බව ඔවුන් පවසා සිටී.
ඔබට මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ ඇනවුම් කර Apple iPad Air ටැබ්ලට් පරිගණක ලබාගෑනීමට හැකිවන අතර, ඇපල් සමාගම විසින් නුදුරු අනාගතයේදී ශ්‍රි ලoකාවේ Apple iPad Air නිල වශයෙන් දියත් කරනු ඇති බවට දැනට බලාපොරොත්තු තබාගැනීමට හැකිවනු ඇත.

මෙම ලිපියෙන් ඔබට යම්කිසි ප්‍රයෝජනයක් ලෑබුනානම් අපගේ Facebook පිටුවට Like කරන්න. ඔබේ අදහස් Comment මගින්ද යොමු කරන්න.
Previous
Next Post »