පසුගිය දිනවල අසන්නට ලැබුණු කටකතා වලින් කියවුනේ Windows 8.1 මෙහෙයුම් පද්දතිය ලබන ඔක්තෝබර් මස හදුන්වාදෙනු ඇති බවයි. එම කටකතා තහවුරු කරමින් ලබන ඔක්තෝබර් මස 18 වැනිදා නවසීලන්තයේ වේලාවෙන් මද්යාහන 12 ට Windows Store එක වෙත නිකුත් කිරීමට තමන් අපේක්ෂා කරන බව Microsoft සමාගම අද නිලවශයෙන් නිවේදනය කරනු ලැබුවා. Windows 8 පරිශීලකයින් හට එදිනට Windows Store එක හරහා නොමිළේ ලබාගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම මෘදුකාංග නිෂ්පාදකයින් හා අනෙකුත් හවුල්කරුවන් වෙනුවෙන් ඉදිරි සති කිහිපය තුල Windows 8.1 හි RTM සංස්කරණය නිකුත් කිරීමට Microsoft සමාගම අපේක්ෂා කරසිටිනවා.
Windows 8 සමගින් අහිමිවී ගිය Start button එක හා තවත් අලුත් විශේෂාංග රැසකින් Windows 8.1 මෙහෙයුම් පද්දතිය සමන්විතයි. ඒ වගේම මෙම Windows 8.1 මෙහෙයුම් පද්දතිය 7-inch හා 8-inch tablets සදහා සහය දක්වන බැවින් ඉදිරි මාස වල Windows 8.1 සහිත, මිළෙන් අඩු නව devices වෙළදපලේ දැකගත හැකිවේයැයි අපිට අපේක්ෂා කල හැකියි.

ConversionConversion EmoticonEmoticon