සාමාන්‍යයෙන් Windows වලදී අපිට Screenshot එකක් ගන්නට ඕනෑ වූ විට බොහෝ දෙනෙක් කරන්නේ යතුරුපුවරුවේ “Print Screen” button එක press කර, paint වලට ගිහින්, print screen button එක press කිරීමෙන්, clipboard එකට copy වූ screenshot එක paste කර ඊට පසුව එය පින්තුරයක් ලෙසින් save කරගන්නා එකයි. Windows 8 හීදීත් ඒ විදියටම screenshot එකක් අරගෙන paint වැඩසටහන බාවිතයෙන් image එකක් විදියට save කරගන්න. නමුත් Windows 8 හිදී ඔබ එතරම් වද වෙන්න ඕනේ නැහැ Screenshot එකක් ගන්න.
Windows 8 සමග අලුත් විශේෂාංගයන් බොහොමයක් පැමිණි බව ඔබ දන්නවා. Windows 8 හීදී ඔබට screenshot එකක් ගන්නට අවශ්‍ය නම් ඔබ කල යුත්තේ “Windows” key එක press කරගෙන “Print Screen” key එක press කරන එක පමණයි. ඒ අයුරින් ඔබ capture කරගන්නා screenshot එක automatically ම image එකක් ලෙසින් save වෙනවා.
එසේ ඔබ ලබාගන්නා screenshots සියල්ලම save වෙන්නේ Pictures වල Screenshots නමින් හැදෙන එක folder එකක් තුලයි. (C:Users<username>PicturesScreenshots)
මෙම default location එක ඔබට අවශ්‍ය පරිදි වෙනස් කරගන්න ඔබට පුළුවන්. ඒ සදහා ඔබ කලයුත්තේ ඔබේ default screenshots folder (C:Users<username>PicturesScreenshots) එක මත right click කර “Properties” යන්න තෝරන්න. ඉන් පසු ලැබෙන window එකෙන් “Location” යන tab එක තෝරාගෙන, “Move” යන්න කික් කර ඔබට අවශ්‍ය තැනකින් folder එකක් ඔබේ default screenshots folder එක ලෙස තෝරාගන්න ඔබට පුළුවන්.
පසුව ඔබ Apply button එක ක්ලික් කල විට පහත පරිදි පණිවිඩයක් එකක් ඔබට ලැබේවි. එය අනුමත කරමින් “Yes” button එක ඔබන්න.
එහෙනම් ඉතින් එහ්ච්චරයි. 




ConversionConversion EmoticonEmoticon