මේ වන විට බොහෝ දෙනෙක් Windows 8 බාවිතය ආරම්බ කර තිබෙනවා. Windows 8 හී බොහමයක් නව විශේෂාංගයන් තිබෙනවා. මෙහි design එක හා speed එක අනෙක් Windows මෙහෙයුම් පද්දති වලට වඩා සම්පුර්ණයෙන්ම වෙනස්. ඒ වගේම අනෙකුත් Windows මෙහෙයුම් පද්දතීන් වලට වඩා Windows 8 හී boot time එකත් වේගවත්.
නමුත් background එකේ applications ගොඩාක් ක්‍රියාත්මක වෙන එක Windows 8 boot speed එක අඩු වෙන්න හේතු වන බව ඔබ දන්නවාද? එය disable කරන එකෙන් ඔබට පුළුවන් ඔබේ Windows 8 පරිගණකයේ Boot Speed එක වැඩි කරගන්න. ඇත්තටම සැබෑ වෙනසක් ඔබට දකින්න පුළුවන්. ඉතින් ඔබත් කැමති නම් Windows 8 Boot Speed එක වැඩි කරගන්න, ඔබ කල යුත්තේ පහත උපදෙස් අනුව යන එකයි.
මුලින්ම ඔබේ යතුරු පුවරුවේ Win+R Keys press කර Run command box එක open කරගන්න.
මීලගට පහත රූපයේ පරිදි msconfig යන්න type කර enter key එක ඔබන්න.
මීලගට ලැබෙන System Configuration window එකේ “Services” යන්න ක්ලික් කර, පහල ඔබට දකින්න තිබෙන Hide all Microsoft Service යන option එක ඉදිරියේ ඇති check box එකට tick එකක් දාන්න.
මීලගට services යටතේ තිබෙන Skype updater, Google update වැනි අනවශ්‍ය services uncheck කර OK button එක click කරන්න.
මීලගට Task Manager එක open කරගෙන, Startup වෙත ගොස්, Skype, uTorrent, Java updater වැනි අනවශ්‍ය යැයි හැගෙන applications disable කරන්න.
මීලගට CCleaner download කරගෙන, පරිගණකයේ ස්ථාපිත කරගන්න.
CCleaner එක open කරගෙන Tools –> Startup වෙත ගොස්, Windows වල අනවශ apps වගේම Contex menu, Scheduled Task වල අනවශ්‍ය apps disable කරගන්න.
මීලගට ඔබේ පරිගණකය restart කරන්න.



ConversionConversion EmoticonEmoticon