Timer එකත් සමග Facebook Popup Likebox එකක් ඔබේ බ්ලොග් එකට (with Easy Menu)

Facebook popup likeboz with timer Timer එකත් සමග Facebook Popup LikeBox එකක් ඔබේ බ්ලොග් එකට !
සහෝදර bloggers ලා වෙනුවෙන් හුගදවසකින් මොකුත් ලියුවේ නැති නිසා මට හිතුනා ඔවුන් වෙනුවෙන් post එකක් දැමිය යුතුයි කියලා. ඉතින් අද මම මම ඔබ වෙනුවෙන් රැගෙන විත් තිබෙන්නේ pop-up වෙන Facebook like box එකක්. මීට පෙර මම ඔබට ලබාදුන් Facebook popup like box එකකට, Timer එකක් එකතු කරලා අලුත් version එකක් ලෙසින් තමයි මෙය ඔබට ගෙනාවේ. මෙම Popup like box එකේ live demonstration එකක් බලන්නට ඔබට අවශ්‍යයි නම් පහත දී තිබෙන button එක click කර යන්න.
හොදයි දැන් අපි බලමු කොහොමද මෙය ඔබේ බ්ලොග් එකට එකතු කරගන්නේ කියලා.
මුලින්ම Blogger –> Template — > Edit HTML වෙත ගොස් </head> tag එක හොයාගෙන, එයට ඉහලින් පහත දී තිබෙන jQuery plugin එක එකතු කරගන්න. ඔබ මීට පෙර මෙම jQuery plugin version එක ඔබේ බ්ලොග් එකට එකතු කරගෙන නම් තිබෙන්නේ, ඔබ නැවත මෙය එකතු කරන්නට අවශ්‍ය නැහැ. එම නිසා මෙම පියවර මගහැර ඊලගට පහත දී තිබෙන උපදෙස් අනුව යන්න..
<script type="text/javascript" src="http://ajax.googleapis.com/ajax/libs/jquery/1.8.2/jquery.js"></script>
මීලගට පහත දී තිබෙන Generator එක බාවිතා කර ඔබට අවශ්‍ය පරිදි සැකසුම් සකසා ගෙන “Generate” button එක press කරන්න..
ඔබේ සකසුම් වල ක්‍රියාකාරිත්වය බලාගන්න ඔබට අවශ්‍යයි නම් “Preview” button එක click කර ඔබට මෙහි preview එක බලාගන්න පුළුවන්.
අනතුරුව “Add to Blogger” button එක click කරන්න.
(This Software Is Not Owned By Eniac Lanka, This Is A Property of Tricks Lanka)
ඉහත පියවර අනුගමනය කළා නම් මම හිතනවා මේ වන විට ඔබ ඔබේ blog එකට මෙම අපූරු Facebook pop-up like box එක එකතු කරගන්නට ඇති කියලා. යම් විදියකින් මෙය ඔබේ බ්ලොග් එකට එකතු කරගන්නට ඔබට නොහැකි නම් පහත වීඩියෝව බලන්න.
එහෙනම් ඉතින් මේ සම්බන්දයෙන් ඔබේ අදහස් හා ගැටළුවක් වේ නම් comment කරන්න. ඔබට ජය !
Previous
Next Post »