හාර්ඩ් සම්බන්ද දේවල් වලදී මගේ අත්දැකීම් අතිමහත්
මම නොකාපු කට්ටක් නැති තරම්. සමහර වෙලාවට Data Currupt වෙනවා. සමහර වෙලාවට වැරදීම් වලින් පාර්ටිෂන් පිටින් Delete වෙනවා. ඉතින් අපිට අපේ Data ටික Recover කරගන්න වෙනවනේ. Delete උන දේවල් Recover කරගන්න තියෙන හොදම භාන්ඩේ තමයි මේක. මම අද මේ කතා කරන්න ආපු දේ මට හම්බ වෙන්න කලින් මම පාවිච්චි කලේ මෙන්න මේ සොෆ්ට්වෙයා එක RecoverMyFiles.. ඔයාලටත් අත්දැකීම් ඇති. එත් අද මම ඔයාලට දෙන්න යන එකට RecoverMyFiles කියන Recovery Software එක පරාදයි. ඕනේ ඔට්ටුවක්. මේක එච්චර ප්රසිද්ද එකකුත් නෙවේ එත් අනාරක්ෂිත බවකුත් නෑ.
එකම ප්රශ්නේ මේකේ Interface එක ලස්සන නෑ. DOS 
මුලින්ම මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්නකො TestDisk
ඊට පස්සේ අපිට ලැබෙනවා Zip File එකක්. එක ඔයාලා කැමති තැනකට Extract කරගන්න. එහෙම Extract කරගෙන ඒ තැනට ගියාම මෙන්න මේ වගේ Icon එකක් තියෙනවා.
එක Double Click කරන්න. එහෙම කලාම Found කරපු හැම Data Resource එකක්ම පෙන්නනවා.(Hard Disks).
එතනින් Arrow Keys පාවිච්චි කරලා ඔයාලට ඕනේ එක තෝරාගන්න පුළුවන්. මම තෝරාගත්තේ මගේ Pen Drive එක. ඊට පස්සේ Enter Button එක Press කරන්න

මෙතනින් උඩ Option එක තෝරලා Enter Button එක Press කරන්න
මෙතනින් දෙවනි Option එක තෝරලා Enter Button එක Press කරන්න.
සැ.යු:-ඔයාලා Linux පාවිච්චි කරන කෙනෙක් නම් Pen Drives වලට ඇර අනිත් හැම වෙලාවකදීම පලවෙනි Option එක තෝරන්න මතක තියාගන්න.
මෙතනින් කරන්නේ අපි Recover කරන Files ටික Save වෙන තැන තෝරන එක. මමනම් කියන්නේ මෙතන තියෙන දේවල් ඒ විදිහටම තියලා C Button එක Press කරන්න. ඊට පස්සේ Recover වීම පටන් ගන්නවා.
ඔක්කොම ඉවර උනාට පස්සේ මෙන්න මේ වගේ Window එකක් එයි.
දැන් එතකොට Files ටික Save වෙලා තියෙන්නේ අර ඔයා කලින් තෝරපු තැනට. ඒ Option එක වෙනස් නොකර ඒ විදිහටම Recover කලානම් මෙන්න මේ විදිහට TestDisk එක Extract කරපු තැනට ගිහින් බැලුවම මේ විදිහට Files එකක් හෝ දෙකක් හැදිලා තියෙයි. ඒවා ඇතුලේ තමයි ඔයාගේ Files ටික තියෙන්නේ.
මම මේ 8GB පෙන් එකක් ෆිල්ම්ස් 6ක් Recover කරගත්තා
යන්නෙත් අනිත් ඒවාට සාපේක්ෂව පොඩි වෙලාවක්.
එහෙනම් අපි කැපුනාවේ 






ConversionConversion EmoticonEmoticon