මීට මාස කිහිපයකට ඉහතදී Facebook Like Button එක සහිත Sticky Bar එකක් ඔබේ බ්ලොග් එකට එකතු කරගන්න විදිය ගැන ලිපියකින් කතා කළා. ඉතින් අද මම අරන් ඇවිත් තියෙන්නේ තවත් එක බොහොම අපූරු Sticky Bar එකක්. ඔබේ blog එකේ recent posts, scroll වෙන විදියට තමයි මේ sticky bar එක නිර්මාණය කර තියෙන්නේ. වැඩිය කියන්න ඕනේ නැහැ. පහල තියෙන button එක ක්ලික් කරලා demo එක බලලම එන්නකෝ..
Demo එක බලපු ඔබට අනිවාර්යෙන්ම හිතෙන්නට ඇති මෙය ඔබේ බ්ලොග් එකටත් එකතු කරගන්න ඕනේ කියලා.. ? ම්ම් .. ඔවු මෙය බොහොම අපූරු widget එකක්.
කොහොමද මෙය ඔබේ බ්ලොග් එකට එකතු කරගන්නේ?
මෙය ඔබේ බ්ලොග් එකට එකතු කරගන්න එක හරිම පහසුයි.
- මුලින්ම පහත තියෙන widget generator එකේ උදාහරණ පෙන්වා ඇති විදියට ඔබේ බ්ලොග් එකේ ලිපිනය “Blog URL” යන්න ඉස්සරහා කොටුවේ type කරන්න. (මෙතැනදී YourBlogName.blogspot.com ලෙස පමණක් ලබාදෙන්න)
- මීළගට ඔබට අවශ්‍ය විදියට අනෙක් settings සකසාගන්න.
- Settings සකසා ගත් පසු “Generate” button එක ඔබා widget එක generate කරගෙන, “Add to Blogger” යන button එක ක්ලික් කර ඔබට පුළුවන් මේ widget එක ඔබේ බ්ලොග් එකට ලේසියෙන්ම එකතු කරගන්න.
(Eniac Lanka Do Not Own This Software, This Belongs To Tricks Lanka)
එහෙමනම් ඉතින් මම හිතනවා ඔබ සාර්ථකව වැඩේ කරගන්නට ඇතියි කියලා. ඔබට යම් ගැටළුවක් වේ නම් හෝ ඔබේ අදහස් කමෙන්ට් කරන්න. ජය !

ConversionConversion EmoticonEmoticon