POP3 හා IMAP අතර වෙනස

Email client එකක් email server එක හා සම්බන්ද වීමට බාවිතා වෙන protocols ලෙස POP3 හා IMAP හදුන්වන්නට පුළුවන්. එහෙම නැතිනම් සරලව කියනවානම් ඔබේ පරිගණකයට, ජංගම දුරකතනයට හෝ වෙනත් device එකකට, ඔබේ email පණිවිඩ download කරගැනීමට ඉඩ සලසා දෙන එකිනෙකට වෙනස් ක්‍රම දෙකක් තමයි මේ POP3 හා IMAP කියන්නේ. සමහර විට ඔබ POP3 හා IMAP ගැන නොදන්නවා උනාට මේ වචන දෙක මීට පෙර අසා තිබෙනවා වෙන්නට පුළුවන්.
කොහොම උනත් පොදුවේ ගත්විට අවසානයේදී මේ දෙකෙන්ම වෙන්නේ එකම දෙයයි. (නමුත් POP3 හා IMAP අතර වෙනස්කම් තිබෙනවා. ඒ ගැන මෙම ලිපිය අවසානයේදී ඔබට අවබෝද වේවි.) මෙම තාක්‍ෂණයන් දෙකෙන්ම ඔබට ඔබේ email වෙත පිවිසීමට ඉඩ සලසා දෙනවා. මෙම තාක්‍ෂණයන් දෙකටම 1980 දක්වා දිවෙන් දිගු අතීතයක් තිබෙනවා.
POP3 හා IMAP අතර තිබෙන වෙනස්කම් මොනවාද?
මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න කලින් මේ තාක්‍ෂණයන් අවශ්‍ය වෙන්නේ ඇයි කියන එක පැහැදිලි කරලා ඉන්නම්. ඔබට නව email එකක් යම් අයෙකු විසින් එවූ විට, එය ලැබෙන්නේ server එකකටයි. ඔබ එම email එක Gmail, Yahoo හෝ වෙබ් mail සේවාවක් මගින් එම email එක කියවනවානම් POP3 හා IMAP වල සහය නොමැතිව ඔබට එම email එක කියවීමට පුළුවන්. නමුත් ඔබ එම email එක ඔබේ mobile එකෙන්, නැතිනම් ඔබේ පරිගණකයේ ස්ථාපිත කර තිබෙන Outlook හෝ Thunderbird වැනි email client එකක් බාවිතයෙන් එම email එක ලබාගන්නවානම් ඔබේ mobile එකට හෝ පරිගණකයට, remote server එක සමග සම්බන්ද වීමට ක්‍රමයක් අවශ්‍ය වෙනවා. ඉතින් මෙතැනදී තමයි POP3 හෝ IMAP සහය ඔබට අවශ්‍ය වෙන්නේ. ඔබේ local mail client එක හා mail server එක අතර පාලමක් ලෙසින් තමයි POP3 හා IMAP ක්‍රියාකරන්නේ.
මෙම තාක්‍ෂණයන් දෙකම සාර්ථකයි ඒ වගේම විස්වාස වන්තයි.. මේ දෙන්නටම පුළුවන් අපට අවශ්‍ය වැඩේ සාර්ථකව කර දෙන්නට. නමුත් මේ දෙන්නා අපිට ඒ වැඩේ කර දෙන්නේ දෙආකාරයකටයි. අපි මෙම තාක්ෂනය පාලමකට උපමා කරගමු. POP3 පාලම හරහා යන්න පුළුවන් එක පැත්තකට විතරයි. ඉතින් මේ පාලම හරහා server එකේ තිබෙන email වලට ඔබේ පරිගණකයේ හෝ mobile device එකේ තිබෙන email client එකට එන්නට පුළුවන්. නමුත් ඊට පස්සේ remote server එකත් සමග තිබෙන සබදතාවය බිද වැටෙනවා. එලෙසින් ඔබ email client එකට ගෙන්වා ගත් email එකට ඔබ මොනවා කලත් server එකේ තිබෙන email එකට මොකුත් වෙන්නේ නැහැ. උදාහරණයකට මෙහෙම හිතමු. ඔබ ඔබේ mobile phone එකට download කරගත්ත email එක delete කලයි කියලා. නමුත් එම email එක server එකෙන් delete වෙන්නේ නැහැ. ඒ කියන්නේ POP3 වලට ඔබේ email client එකයි server එකයි යන දෙක synchronize කරන්නට හැකියාව නැහැ.
pop3 oneway TL Explains: POP3 හා IMAP අතර වෙනස
POP3 ගැන හා එය ක්‍රියාකරන ආකාරය ගැන දැන් ඔබ දන්නවා. POP3 ගැන දැනගත්තයින් පසුව, IMAP ක්‍රියාකරන ආකාරය ගැන යම් කිසි දෙයක් ඔබේ හිතේ ඇතිවෙන්නට ඇති. හොදයි මීලගට අපි බලමු IMAP ගැන. IMAP කියන්නේ දෙපැත්තටම ගමන් කල හැකි පාලමක්.ඔබේ email client එක server එක හා සම්බන්ද කර email ගෙන්වා ගෙන සබදතාවය බිද වට්ටනවාට අමතරව මෙයට පුළුවන් අවශ්‍ය විට සබදතාවය ගොඩනගාගෙන mail client එක හා server එක යන දෙක synchronize කරන්නට. උදාහරණයකට, ඔබ ඔබේ mobile phone එකෙන් email එකක් delete කලෝතින් එම email එක server එකෙනුත් delete වෙනවා.
imap mail TL Explains: POP3 හා IMAP අතර වෙනස
POP3 හා IMAP අතරින් ඔබ තෝරාගත යුත්තේ කුමක්ද?
මේ ප්‍රශ්නයට පිළිතුර තීරණය වෙන්නේ ඔබ ඔබේ email බාවිතා කරන ආකාරය අනුවයි. ඔබ ඔබේ mobile phone එක හෝ පරිගණකය, server එක සමග sync වනවාට කැමති නැතිනම් ඔබට පුළුවන් POP3 තෝරාගන්නට. එසේ නැතිනම් server එකයි mail client එකයි යන දෙකම sync විය යුතු නම් ඔබ IMAP තෝරාගත යුතුයි.
එහෙමනම් මම හිතනවා POP3 හා IMAP සම්බන්දයෙන් ඔබට තුබුණු ප්‍රශ්න වලට විසදුම් මෙම ලිපියෙන් ලැබෙන්නට ඇති කියලා. මේ සම්බන්දයෙන් ඔබේ අදහස් හෝ තවත් ගැටළු වේ නම් ඔබට පුළුවන් පහලින් comment කරන්නට. ඔබට සුබ දවසක් !
Previous
Next Post »