වර්තමානයේදී කාර්යාලීය මෙන්ම පුද්ගලික අවස්යතාවන් සදහාත් cloud storage භාවිතා කිරීමට බොහෝ දෙනෙක් පෙලබිලා තිබෙනවා. විවිද සීමාවන්ට යටත්ව නොමිළේ cloud storage ලබාදෙන Google drive, Dropbox, Sky Drive වැනි සේවාවන් බොහොමයක් තිබෙනවා. ඉතින් මෙම සේවාවන් බාවිතා කරනවාට අමතරව ඔබට පුළුවන් ඔබේම cloud server එකක් ලේසියෙන්ම හදාගන්න. ඔබේ පරිගණකය එසේ නැතිනම් බාවිතා නොකර අහක දමා තිබෙන ඔබේ පරණ පරිගණකය, ඔබට පුළුවන් Cloud Server එකක් විදියට සකසා ගන්න. ඔබ කොහේ සිටියත් ඕනෑම පරිගණකයකින් හා ඔබේ mobile device එකෙන් ඔබට පුළුවන් ඔබේ ඒ cloud server එකට ලේසියෙන් ඇතුළු වෙන්න. එහෙම නම් ඉතින් අපි බලමු කොහොමද ඔබේම personal cloud server එකක් හදාගන්නේ කියලා..
මේ සදහා අපි බාවිත කරන්න යන්නේ Tonido කියන මෘදුකාංගයයි. ඔබේ පරිගණකය Cloud Server එකක් බවට පරිවර්තනය කරගන්නට Tonido මෘදුකාංගයට හැකියාව තිබෙනවා. මුලින්ම ඔබ www.tonido.com වෙබ් අඩවියට ගිහින් Tonido Desktop software එක download කරගගෙන ඔබ ඔබේ Cloud Server එක ලෙස බාවිතා කරන්නට යන පරිගණකයේ install කරගන්න.
ඔබ Tonido මෘදුකාංගය open කරන පළමු අවස්ථාවේදී Windows Firewall Alert එකක් ඔබට ලැබේවි. එහිදී “Allow access” යන්න ක්ලික් කරන්න.
මීලගට ඔබේ වෙබ් බ්රවුසරර් එක ඔබව පහත රුපයේ පරිදි පිටුවකට රැගෙන යාවි. එතැනදී ඔබට පුළුවන් Tonido account එකක් සදහා නොමිළේ sign-up වෙන්න. එහිදී ඔබට අවශ්‍ය username, password එකක් හා ඔබේ email ලිපිනය ලබාදෙන්න ඔබට සිදු වෙනවා. ඔබ ලබාදෙන username එක ඔබේ cloud server එකට access වෙන්න බාවිතා වන URL එකේ කොටසක් බව මතක තබාගන්න.
ඔබේ ගිණුම create කරගත් පසුව ඔබට පහත රුපයේ පරිදි window එකක් දැකගන්න පුළුවන්. දැන් ඔබේ Cloud Server එක active වෙලයි තිබෙන්නේ. Tonido ඔබේ පරිගනකයේ background එකේ සිට run වෙන නිසා ඔබට පුළුවන් browser එක close කරලා ඔබේ අනෙක් වැඩ සාමන්‍ය පරිදි කරගෙන යන්න.
යම් විදියකින් ඔබ පරිගනකය් shutdown කලෝතින් හෝ ඔබේ පරිගනකය automatically sleep mode එකට ගියෝතින් ඔබේ cloud server එක ක්‍රයාත්මක නොවන බව මතක තබාගන්න.
මීලගට Control Panel –> Power Options වෙත ගිහින් “High Performance” යන්න තෝරා එයට ඉදිරියෙන් “change plane settings” ක්ලික් කර ගොස් “Change advanced power settings” යන්න ක්ලික් කර , පරිගණකය Idle ව පවතින විට display එකයි hard disk එකයි sleep mode යන විදියට සැකසුම් හදාගන්න.
ඔබට පුළුවන් ඕනෑම තැනක සිට ඕනෑම පරිගණකයකින් හා mobile device එකකින් උනත් ඔබේ cloud server එක ලෙස ක්‍රියා කරන පරිගණකයට ඇතුළු වෙන්න. ඔබ වෙනත් පරිගණකයකින් නම් ඔබේ cloud server එකට ඇතුළු වෙන්න සුදානම් වන්නේ, එම පරිගණකයේ වෙබ් බ්‍රවුසරය open කර ඔබේ personal URL එක වෙත පිවිස ඔබේ password එක ලබා දී ඔබේ cloud server එකට ඇතුළු වෙන එකයි. (username.tonidoid.com මෙහි username යන්න වෙනුවට ඔබේ username එක ලබාදෙන්න. එය තමයි ඔබේ personal URL එක. උදාහරණ:- මම මගේ username එක ලෙස බාවිතා කලේ “trickslanka” යන්නයි. එම නිසා මගේ URL එක වන්නේ trickslanka.tonidoid.com යන්නයි.)
මීලගට ඔබට පුළුවන් ඔබේ cloud server එක ලෙස බාවිතා වන පරිගණකයේ තිබෙන සියලුම disk drives දැකගන්නට හා ඒවාට access කරන්නට. ඒ වගේම ඔබට data upload කරන්නත් පුළුවන් ඔබේ server එකට.
ඒ වගේම ඔබ Android, Blackberry හෝ iDevice එකක් බාවිතා කරනවානම් ඔබට පුළුවන් එයට ඇදලා Tonido app එක ඔබේ device එකේ install කරගන්නට. ඔබේ personal URL එක හා username, password ලබාදී ඔබට පුළුවන් ඔබේ device එකේ සැකසුම් සකසා ගැනීමට. පසුව ඔබට පුළුවන් ඔබේ device එක බවිතයෙනුත් ඔබේ cloud server එකට access කරන්න හා ඔබේ device එකේ තිබෙන files upload කරන්නට.
එහෙමනම් ඉතින් මෙය ඔබට ප්‍රයෝජනවත් උනා නම් පහල තිබෙන share button එකක් ක්ලික් කරලා ඔබේ මිතුරන් අතරේ මෙය share කරන්න. මොකද ඔවුන් අකමැති වෙන එකක් නැහැ ඔවුන්ගේම cloud server එකක් හදාගන්නට. ඒ වගේම ඔබේ අදහස් comment කරන්න.
Thanks To Tricks Lanka (www.trickslanka.com)..................................
Thanks To Tricks Lanka (www.trickslanka.com)..................................







ConversionConversion EmoticonEmoticon