Nolimit සමඟ online shopping…

ශ්‍රී ලංකාවේ තවත් එක විලාසිතා රැල්ලක් වන NOLIMIT පසුගිය දිනකදී ඔවුන්ගේ නවතම වෙබ් අඩවිය වන www.nolimit.lk නිකුත් කරනු ලැබුවා. ඔවුන් පෙර පවතී වෙබ් අඩවිය නැවත නිර්මාණය කරනු ලැබූ අතර මෙයට online shopping පහසුකමද එක් කර තිබුනා. මෙමඟින් ලංකාව පුරා වගේම ලොව පුරා සිටින පාරිභෝගිකයන්ට මෙම වෙබ් අඩවිය හරහා NOLIMIT විලාසිතා මිලදී ගැනීමට අවස්තාව උදාකර දී තිබෙනවා.
nolimit.lk trickslanka NOLIMIT සමඟ Online Shopping...
මහරගම NOLIMIT ප්‍රදර්ශනාගාරයේදී ප්‍රදාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි වරුනි අමුණුගම ෆනැන්දු අතින් මෙම වෙබ් අඩවියේ නිකුත් වීම සිදු වුනා. මෙම නවතම අන්තර්ජාල විලාසිතා මැදුරේදී කාන්තා, පිරිමි , ළමා ඇදුම් වගේම පාවහන්, විලාසිතා උපකරන ඔබට මිලදී ගැනීමට හැකියි. මීට අමතරව පිහිනුම් කට්ටල, කුඩා දරුවන් සඳහා සෙල්ලම් බඩු , තෑගි වවුචර් ද මිලදී ගැනීමට හැකියාව ඔබට ලැබෙනවා.
අන්තර්ජාලය ඔස්සේ මිලදී ගන්නා භාණ්ඩ ආරක්ෂිතව පාරිභෝගිකයා අතට පත් කිරීම සඳහා NOLIMIT සමාගම TNT සහ Fedex Express සමඟ අත්වැල් බැඳ ගෙන කටයුතු කරනු ලබනවා. මෙම වසරේ ඔක්තෝම්බර් මාසයේ අග දක්වා ලංකාව ඇතුලත සිදුවන සියලුම delivery සඳහා මුදල් අය කිරීමක් සිදු නොකරන බවට ඔවුන් දන්වා සිටිනවා. ඒවගේම තවත් නිවේදනයක් නිකුත් කරමින් NOLIMIT සමාගම පවසන්නේ ඔවුන්ගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වන පළමු 100 දෙනාට රුපියල් 500 ක තෑගි වවුචරයක් ලබා දෙන බවටත් එය ඕනෑම online shopping transaction එකක් සඳහා භාවිත කල හැකි බවත්ය. මෙම වෙබ් අඩවිය තුල සිදුවන සියලුම ගනුදෙනු සඳහා Visa සහ Mastercard credit cards භාවිත කල හැකි බවද පැවසෙනවා.
Previous
Next Post »