බොහෝ කලක පටන් විවිද කටකතා වලට තුඩු දුන් Motorola සමාගමේ “Moto X” ස්මාර්ට්ෆෝනය ඊයේ දිනයේදී Motorola සමාගම විසින් සිය නවතම ස්මාර්ට්ෆෝනය ලෙසින් වෙළදපලට හදුන්වා දෙනු ලැබුවා. Motorola සමාගමේ නව X8 Mobile Computing System සහ 1.7GHz dual-core based Snapdragon S4 Pro chipset එකක් සමගිනුයි Moto X smartphone එක පැමිණෙන්නේ.
720p (316 ppi) pixels resolution එකක් සහිත අගල් 4.7 ක display screen එකක්, 2GB RAM එකක්, 2200mAH බැටරියක්, 10MP ක පසුපස කැමරාවක් හා 2MP ඉදිරිපස කැමරාවක් සමගිනුයි Moto X ඔබ අතට පැමිණෙන්නේ. ඒ වගේම USB 2.0, Bluetooth 4.0, 802.11a/b/g/n/ac, GPS හා GLONASS, Miracast Wireless Display, NFC වැනි features රැසක් Moto X සතුව තිබෙනවා.

ConversionConversion EmoticonEmoticon