Linux මෙහෙයුම් පද්ධතිය තුල සක්‍රීය නවතම Trojan වයිරසයක් සොයාගැනෙයි

අප්‍රසිද්ධ, වැඩි දෙනා භාවිතා නොකරන මෙහෙයුම් පද්ධතියක් (operating system ) භාවිතා කිරීමේ එක් ප්‍රයෝජනයක් තමයි, ඔබ බොහෝදුරට ඔබේ පරිගණකයට හානි පමුණුවන virus සහ malware වලින් ආරක්‍ෂිත වීම. ඔබ දන්නවා ඇති , ඔබ Windows මෙයහෙයුම් පද්ධතියක් භාවිතා කරනවානම් ඔබට නිරන්තරයෙන් virus සහ malware සමඟ ගනු දෙනු සිදු කිරීමට සිදු වන බව.
කෙසේ හෝ ඉහත කරුණ බිඳ දමමින් මේ වනවිට සොයා ගෙන තිබෙනවා Linux මෙහෙයුම් පද්ධතිය තුල සක්‍රීය නවතම trojan වයිරසයක්. RSA හෙවත් The Security Division of EMC පවසන අන්දමට මෙම banking trojan වයිරසය මුදා හැර තිබෙන්නේ රුසියානු cybercrime කණ්ඩායම විසින් බවයි. මෙම වයිරසය නම් කර තිබෙන්නේ ‘Hand of Thief’ ලෙසයි.
2013 08 09 image 12 Linux මෙහෙයුම් පද්ධතිය තුල සක්‍රීය නවතම trojan වයිරසයක් සොයාගැනෙයි
මේ සම්බන්ද කරුණු සැල වෙන අන්දමට පැවසෙන්නේ මෙම trojan වයිරසය, ඔබට Windows පරිගණකයකදී හමු වන වයිරසයට බොහෝ සෙයින්ම සමාන බවයි. මුලික වශයෙන් මෙම Hand of Thief වයිරසයේ අඩංගු වෙන්නේ Internet banking සඳහා ඔබ භාවිතා කරන login credentials සොරා ගත හැකි “form grabber” එකකි. විශේෂයෙන්ම මෙම trojan වයිරසයට හැකියාව තිබෙනවා ඔබේ username එක සහ password එක වගේම ඊට අමතරව ඔබ log වූ පසු timestamp තොරතුරු, වගේම ඔබ log වූ වෙබ් අඩවියේ URL එක සහ ඔබේ web browser’s cookies දත්ත පවා සොරකම් කිරීමට.
මෙම තොරතුරු ලබා ගත් පසු එම දත්ත command-and-control server එකකට ලබා දී එම අවස්ථාවේ සිටින highest bidder ට විකුණනු ලබනවා. ඉන් පසු එම වංචනික පුද්ගලයට හැකියාව ලැබෙනවා ඔබේ දත්ත භාවිතයෙන් ඔබ ලෙස පෙනී සිටිමින් විවිධ වංචනික කටයුතු වල නිරත වීමට. ඔබ ඔබේ ගිණුම අත් හිටු වන තුරු හෝ ඔබ මෙය සැක කටයුතු හැසිරීමක් ලෙස දැනුම් දීමක් කරන තුරු ඔහුට පුළුවන් වෙනවා මෙම වංචනික කටයුතු වල දිගින් දිගටම නිරත වීමට.
මෙම trojan එක Ubuntu, Fedora සහ Debian ඇතුළු කරගත් වෙන වෙනස් වූ Linux distributions 15ක සක්‍රීයව ක්‍රියාත්මක බව සොයා ගෙන තිබෙනවා. ඔබ කවුරුත් දන්නා ප්‍රසිද්ධ web browsers වන Firefox, Chrome, Aurora සහ Ice Weasel මෙම trojan එකෙහි ආක්‍රමණයට නතු වී ඇති බව වාර්තා වෙනවා.
Previous
Next Post »