Grand Theft Auto V ලබන මස 17 වැනිදාට හදුන්වාදීමට නියමිතයි.

gta v trickslanka Grand Theft Auto V ලබන මස 17 වැනිදාට හදුන්වාදීමට නියමිතයි
සැප්තැම්බර් 17 වැනි දින තමන් Grand Theft Auto V ක්‍රීඩාව නිලවශයෙන් නිකුත් කරන බව පසුගිය දිනක Rockstar සමාගම නිළ වශයෙන් ප්‍රකාශ කර සිටියා. එම නිළ නිවේදනයට අනුව GTA V ක්‍රීඩාව නිකුත්වන්නේ Xbox 360 හා PlayStation 3 සදහා පමණයි. කෙසේ නමුත් GTA V ක්‍රීඩාව පරිගණක සදහා නිකුත් කරාවිද හා එය කෙදිනක සිදුවේද යන්න පිලිබදව Rockstar සමාගම කිසිදු නිළ සදහනක් කර නැහැ.
නමුත් පසුගිය දිනක NVIDIA සමාගමේ අධ්‍යක්‍ෂකයෙකු වන Chris Evenden කල ප්‍රකාශයකට අනුව GTA V ක්‍රීඩාව පරිගණක ක්‍රීඩකයින් සදහාත් නිකුත් කරාවියැයි අපිට අපේක්ෂා කරන්න පුළුවන්. ඔහු කල ප්‍රකාශයට අනුව කියවෙන්නේ ඉදිරියේදී පැමිණීමට නියමිත Call Of Duty: Ghosts, Grand Theft Auto V, හා Assassin’s Creed IV වැනි ඉතා ඉහල මට්ටමේ graphics බාවිතාවන පරිගණක ක්‍රීඩා සදහා මේ දිනවල ඔවුන් ඔවුන්ගේ systems සුදානම් කරන බවයි.
Previous
Next Post »