Facebook, twitter නැතිනම් google accounts බාවිතයෙන් web sites වලට log-in උනාට කමක් නැද්ද?

සමහර වෙබ් අඩවි වල ඔබ දැකලා ඇති, Facebook, Twitter හා Google වැනි Accounts වලින් ඒ වෙබ් අඩවි වලට log-in වෙන්න ඉඩ සලසා දී තිබෙනවා. ඉතින් ඔබට අලුතින් username හා password හදාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම බොහොමයක් එවැනි වෙබ් අඩවි, ඔබ අවසරය ලබාදුන්නොතින් ඔබේ ක්‍රයාකාරකම් Facebook වල automatically share කරනවා.
මම කලින් කියුවා වගේ එවැනි වෙබ් අඩවි වල username හා password දීලා අලුතින් accounts හදන්න අවශ්‍ය නැහැ. ඒ නිසා username හා password මතක තියාගන්න ඕනෙත් නැහැ. මේ නිසා එවැනි වෙබ් අඩවි වලට log-in වෙන එක හරිම පහසුයි. එවැනි වෙබ් අඩවි සදහා උදාහරණ ලෙස pinterest.com, friendfeed.com, getsatisfaction.com යන වෙබ් අඩවි දක්වන්න පුළුවන්. ඕවාට අමතරව Facebook, Twitter හෝ Google Accounts බාවිතයෙන් log-in වෙන්න පුළුවන් වෙබ් අඩවි ප්‍රමාණය මිලියනයකට වඩා වැඩියි.
social connect websites Facebook, Twitter නැතිනම් Google Accounts බාවිතයෙන් Web Sites වලට Log in උනාට කමක් නැද්ද?
Social Connect options අතුරින් එදා සිටම වැඩියෙන්ම ජනප්‍රිය option එක තමයි Facebook Connect. 2008 දී Facebook සමාගම “Facebook Connect” නමින් APIs කට්ටලයක් නිකුත් කළා. එතනින් ඇරබුනු මෙය අද වන විට හැම ප්‍රදාන වෙබ් අඩවියකම වාගේ Facebook Connect හරහා එම වෙබ් අඩවියට log-in වෙන්න ඔබට පුළුවන් කම තිබෙනවා.
trickslanka facebook connect Facebook, Twitter නැතිනම් Google Accounts බාවිතයෙන් Web Sites වලට Log in උනාට කමක් නැද්ද?
මම හිතනවා ඔබත් විවිද වෙබ් අඩවි වලට Facebook බාවිතයෙන් logging වෙනවා ඇති. කොහොම උනත් ලෝකේ හැම දේකම වගේ මේ login ක්‍රමයේත් වාසි හා අවාසි තිබෙනවා. එහෙමනම් අපි බලමු මොනවද ඒ කියලා.
වාසි (Advantages)
  • එකිනෙක වෙබ් අඩවි සදහා log-in වීමට usernames හා passwords කිහිපයක් මතක තියාගන්න අවශ්‍ය නැහැ.
  • Hack වෙන්න තිබෙන ඉඩකඩ ඉතා අඩුයි. මොකද ඔබේ log-in details ආරක්‍ෂිතව Facebook, Twitter හෝ Google වල පමණක් ගබඩාවෙලා තිබෙන නිසා.
  • වෙබ් අඩවි වල ඔබේ ක්‍රියාකාරකම් ලේසියෙන්ම ඔබේ මිතුරන් හා පවුලේ අයත් සමග Share කරන්න ඔබට පුළුවන්.
Facebook, Twitter හා Google ගිණුම් හරහා වෙබ් අඩවි වලට log-in වෙන එකේ ප්‍රදාන වාසි තුනක් තිබෙනවා. එයින් ප්‍රදානම වාසිය තමයි ඔබේ credentials, Google, Facebbok හා Twitter වල පමණක් තබාගන්නා නිසා ගොඩක්ම ආරක්ෂිතයි. ඕනේ තරම් වෙබ් අඩවි තිබෙනවා ඉතා ඉහල සේවාවන් සලසන. මෙවැනි වෙබ් අඩවි වල අපි සාමන්‍ය විදියට username, password ලබාදීලා එම වෙබ් අඩවි වල ලියාපදිංචි වෙනවා. නමුත් යම් අයුරකින් එම වෙබ් අඩවිය hack උවහොතින්, ඔබේ log-in details හැකර්ස් ලාගේ අතට යන්න පුළුවන්. නමුත් ඔබ Facebook, Google, Twitter ගිණුම් හරහා එම වෙබ් අඩවිය සමග log-in ව උන්නා නම් ඔබ ආරක්ෂිතයි. මොකද මම කලින් කියුවා වගේ ඔබේ  credentials ආරක්‍ෂිතව Google, Facebbok හා Twitter වල පමණක් තිබෙන නිසා.
අවාසි (Disadvantages)
ඉංග්‍රීසි කියමනක් තියෙනවා “Don’t keep all your eggs in one basket” සමහර විට ඔබ එය අහලා ඇති. ඒ වගේම කවදාවත් එකම password එක ඔබේ ඔබේ සියලුම ගිණුම් සදහා බාවිතා නොකළ යුතු බවත් ඔබ දන්නවා.
  • යම් හෙයකින් ඔබේ Facebook, Twitter, Google account එකේ log-in details අමතක උවහොත් හෙමත් නැතිනම් යම් හේතුවක් නිසා එම accounts disable උවහොත් එම ගිණුම බාවිතයෙන් connect වී ඇති වෙබ් අඩවි වලට ඔබට log-in වීමට නොහැකි වෙනවා.
  • ඔබේ Account එක hack උවහොත්, hacker ට පුළුවන් ඔබ බාවිතා කරන Apps මොනවාද යන්න සොයා බලා ඔබේ ගිණුම connect කරලා තිබෙන වෙබ් අඩවි වලට ලේසියෙන්ම ඇතුල් වෙන්න.
Facebook Connect හරහා වෙබ් අඩවි වලට log-in වෙන එක යම් විදියකින් ඔබේ privacy එකට බලපාන්න පුළුවන්. උදාහරණයකට අපි හිතමු ඔබ dailymotion.com වෙබ් අඩවියට ඔබේ Facebook account එකෙන් connect වෙලා ඉන්නේ. ඉතින් ඔබ  වැරදීමකින් හරි යම් අසබ්‍ය වීඩියෝ එකක් බැලුවොතින් එම Activity එක ඔබේ Facebook profile එකේ Share වෙනවා. කොහොම නමුත් එය ප්‍රශ්නයක් නෙවෙයි. Facebook App settings වලට ගොස් ඔබේ privacy එකට හානියක් නොවන අයුරින් සැකසුම් සකසාගන්න ඔබට පුළුවන්.
ආරක්ෂාව ඇති බැලුවම Google, Facebbok හා Twitter ගිණුම් හරහා වෙබ් අඩවි වලට log-in වෙන එක ආරක්‍ෂිත log-in option එකක්. ඒ නිසා තමයි අද මෙය ගොඩාක් ජනප්‍රිය. ඉතින් ඔබ වෙබ් අඩවි වලට log-in වෙන්න Google, Facebbok හා Twitter ගිණුම් බාවිතා කරනවද? මොනවද මේ ගැන ඔබේ අදහස්?
Previous
Next Post »