Facebook එකට නොයා Facebook notifications හා මිතුරන්ගේ updates ලබාගන්න ඔබ කැමතිද? එහෙනම් මේ කතාකරන්න යන්නේ ඒ සදහා අපූරු විසදුමක් ගැනයි. මෙතැනදී ඔබේ Facebook news feed එකෙන් updates ලබාගැනීමට හා chat messages ලබාගැනීම සදහා browser extensions දෙකක සහය ලබාගැනීමට ඔබට සිදු වෙනවා. මෙයින් එක් extension එකක් මගින් ඔබට ලැබෙන සියලුම otifications මෙන්ම News feed එකේ තිබෙන මිතුරන්ගේ අලුත් posts සියල්ලම ඔබට පෙන්වනු ලබනවා. ඒවාට like, comment කරන්නැත ඔබට මේ හරහා හැකියාව තිබෙනවා. අනෙක් extension එක මගින් ඔබට ලැබෙන chat messages එසැනින්ම notification එකක් ලෙසින් ඔබට පෙන්වනවා. මේ extension දෙකම Google Chrome සදහා නිර්මාණය වුනු extension දෙකක්. හොදයි, එහෙමනම් අපි බලමු මේ extensions ගැන.
Facebook App for Google Chrome
මෙමගින් ඔබට නව status පල කරන්න, මිතුරන්ගේ post වලට like, comment කරන්න හා ඔබට ලැබෙන notifications බලාගැනීමට පහසුකම් සලසා දී තිබෙනවා.
මෙම extension එක install කරගත් පසුව tool bar එකේ ඔබට දකින්න තිබෙන Facebook icon එක මත right click කර Options යන්න තෝරන්න.
notifications ලබාගැනීම සදහා පහත රුපයේ පරිදි “Enable notifications” යන්න ඉදිරියෙන් ඇති check box එකට tick mark එකක් දමා save button එක click කරන්න.
ඔබේ Facebook ගිණුමට login වීම සදහා නැවත වරක් toolbar එකේ තිබෙන Facebook icon එක මත click කර ඔබේ Facebook login details ලබාදී ඊළගට ඔබට ලැබෙන උපදෙස් අනුව ගොස් FBChrome app එක සදහා permissions ලබාදෙන්න.
ඔබ ඔබේ Facebook ගිණුමට login වූ පසු නැවත වරක් toolbar එකේ තිබෙන facebook icon එක ක්ලික් කල විට පහත රුපයේ පරිදි Facebook වෙබ් අඩවියේ interface එකට සමාන interface එකක් සහිතව පහතරුපයේ පරිදි News, Photos, inbox, notifications සියල්ලම දැකගත හැකියි. එහෙමනම් ඉතින් දැන් ඔබට නිතර නිතර Facebook යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ ඔබේ browser එකේ වෙනත් වෙබ් අඩවියක් visit කරමින් සිටිනා විටකදී උනත් පහසුවෙන්ම FBChrome icon එක click කරලා Facebook එකේ වෙන්න මොනවද කියන එක පහසුවෙන්ම බලාගන්න පුළුවන්. එහෙමනම් ඔබට සුබ දවසක්.



ConversionConversion EmoticonEmoticon