Games, Social, Education වැනි තවත් බොහොමයක් වර්ගීකරණයන් යටතේ මිලියන බාගයකට වැඩි Android Apps ප්‍රමාණයක් Google Play store එක තුල තිබෙනවා. නමුත් මේ Apps බාවිතා කරන්නට හෝ අත්හදා බලන්නට නම් ඔබ සතුව Android phone එකක් තිබිය යුතුයි. නමුත් Bluestacks බාවිතයෙන් ඔබට පුළුවන් ඕනෑම Android app එකක් ඔබේ පරිගණකයේ ක්‍රියා කරවන්නට. Windows 7 සදහා වසර කිහිපයකට පෙර මුල්වරට Bluestacks app player එක නිකුත් කල නමුත් දැන් නිෂ්පාදකයින්ගේ මූලික අවදානය Windows 8 හා විශේෂයන්ම Surface Pro tablets කෙරෙහි යොමුවී තිබෙනවා.
Bluestacks ඔබේ පරිගණකයේ install කිරීමේ ක්‍රියාවලිය බොහොම සරලයි. “Next” button එක click කරගෙන ඉදිරියට ගියහම app player එක install වෙලා ඉවරයි.
කොහොම නමුත් මෙම Bluestacks app player එක තවමත් beta මට්ටමේ තිබෙන බැවින් bugs තිබෙන්නට පුළුවන්. මොකද මම මීට සෑහෙන කලකට පෙර Windows 7 වල මෙය අත්හදා බලන්නට උත්සහ කල අවස්ථාවේදී ගැටළු කිහිපයකට මුහුණ දෙන්න මට සිදු උනා. කෙසේ නමුත් යම් අයුරකින් මේ සම්බන්දයෙන් ඔබට ගැටළුවක් වේ නම් Bluestacks help forum එකෙන් උදවු ලබාගන්නට ඔබට පුල්වන්.
App player එක install කරගැනීමෙන් අනතුරුව, Player එක ක්‍රියා කරවා ඔබට පුළුවන් ඔබට අවශ්‍ය Android apps install කරගන්නට. Google Play store එක හරහා Apps download කරගනිම සදහා ඔබට ඔබේ Google ගිණුම බාවිතා කිරීමට සිදු වෙනවා.


ConversionConversion EmoticonEmoticon