මීට දින කිහිපයකට ඉහතදී ලග එන නත්තල වෙනුවෙන්, ඔබේ බ්ලොග් එකේ සුළං සමග හිම වැටෙන අපූරු සැරසිල්ලක් එකතු කරගන්න විදිය ගැන මම කතා කළා. ඉතින් අදත් මම ඔබ වෙනුවෙන් තවත් අපූරු නත්තල් සැරසිල්ලක් අරගෙනයි ඇවිත් ඉන්නේ. සාමාන්‍යයෙන් නත්තල් සමරන හැම කෙනෙක්ම වාගේ තමන්ගේ නිවසේ නත්තල් ගහක් හදනවා. ඉතින් නරකද පුංචි නත්තල් ගහක් ඔබේ බ්ලොග් එකටත් එකතු කරගත්තොතින්?
නත්තල් ගහක් විතරක් නිකන් මදි වගේ නේද. හ්ම්ම් නත්තල් ගහත් එක්ක අපි ටිකක් වෙනස් විදියකට බ්ලොග් එකේ හිමත් වට්ටවමු.

අද මම දෙන්න යන මේ නත්තල් සැරසිල්ල මොකක්ද එය කොහොමද ඔබේ බ්ලොග් එකේ ක්‍රියාකරන්නේ කියන කාරණය දැනගන්නත් එක්ක demo එකක් බලලම එන්නකෝ..
මම ඉහත සදහන් කළා වගේ මෙහි හිම වැටෙන්නේ ටිකක් වෙනස් විදියකට. ඔබේ mouse pointer එක අරගෙන යන පැත්ත අනුව හිම වැටෙන දිශාව සැනෙකින් වෙනස් වෙනවා. මම හිතනවා ඔබ මෙම සැරසිල්ලට කැමති වෙයි කියලා. එහෙමනම් අපි බලමු කොහොමද මෙය ඔබේ බ්ලොග් එකට එකතු කරගන්නේ කියලා.
මෙය ඔබේ බ්ලොග් එකට එකතු කරගන්න එක හරිම පහසුයි.
මුලින්ම Blogger –> Layout වෙත ගොස් “Add a Gadget” click කර ලැබෙන ලැයිස්තුවෙන් “HTML/JavaScript” යන්න තෝරා content යටතේ පහත දී තිබෙන codes ටික ලබාදී save කරන්න.
<script language="JavaScript" src="https://tricks-lanka.googlecode.com/svn/trunk/trickslanka-adibottomright.js" type="text/javascript"> </script> <script language="JavaScript" type="text/javascript"> cot("http://4.bp.blogspot.com/-S0yBUcuGatw/UMeqilQIa3I/AAAAAAAABVA/nVTSXVWwJjs/s400/TricksLanka-ChristmasTree.gif")</script> |
<script type="text/javascript" src="http://code.trickslanka.com/Scripts/snowflakes.js" /> |
එච්චරයි. ඉතින් මේ සම්බන්දව ඔබට ඇති ගැටළුවක් වේනම් හා මේ සම්බන්දව ඔබේ අදහස් comment කරන්න. එහෙනම් මේ අවුරුද්දට දෙන නත්තල් බ්ලොගර් සැරසිලි ඔච්චරයි. මොකද ටික දවසකට කලිනුත් සැරසිල්ලක් දුන්නනේ. එනිසා ඔය ඇති. ආයේ ලබන අවුරුද්දේ නත්තලට අලුත් නත්තල් සැරසිලි ගැන කතා කරමු. 

ConversionConversion EmoticonEmoticon